Sadaham Yathra Dhamma Program 2016

27/11/2016

නමෝ බුද්ධාය!

ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිවිතුරු නිමල ධර්මය ඒ අයුරින් සරල සිංහලෙන් දෙව් මිනිසුන් හට නැවත විවර කර දුන්, මේ යුගයේ අප සියලු දෙනාගේ පිනට පහල වී වදාල කළ්‍යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පුජණීය කිරිබත්ගොඩ ඤාණානන්ද පිංවත් ලොකු ස්වාමීන් වහන්සේගේ ආශීර්වාදයෙන් පිහිටුවන ලද සිඩ්නි මහමෙව්නාව භාවනා අසපුවට, 2016 නොවැම්බර් මස 15 වැනි දින පිංවත් ලොකු ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්ණය වැඩම කරවන ලදි.

පිංවත් ලොකු ස්වාමින් වහන්සේ 2016 නොවැම්බර් 18 වැනි දින Roselea Community Centre හිදී, ඒ උතුම් නිමල ධර්මය බොහෝ දෙවි මිනිසුන්ගේ සිත් සතන් සුවපත් කරවමින් දේශනා කරණ ලදුව, අප සියලු දෙනාට පිනෙන් පිරුනු සිතක් උපදවාගෙන වාසය කරන්නට අවස්ථාව උදාවීම අප ලද භාග්‍ය විය.

සතියක් පුරාවට ධර්මය ශ්‍රවනය කරමින් ද මහා සංඝරත්ණයට දන් පැන් පූජා කරමින් ද, මහා සංඝරත්ණයට උපස්ථාන කරමින් ද බොහෝ පිං රැස්කර ගැනීමට අපට වසනාව උදා විය

රැස්කළා වූ සියළු පුණ්‍ය ධර්මයන් ගෞරවනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නා අසපු වාසී, ලෝක වාසි සියළු මහා සංඝ රත්නයටත් මෙම පුණ්‍ය කටයුතු වෙනුවෙන් ඇපකැප වූ, සොයා බලා කටයුතු කළ ගිහි පින්වත් සියළු දෙනාට ද, ලෝක වාසී සියළු ගිහි උපාසක උපාසිකාවන්ටත් අත් වේවා! උතුම් නිවනින් සැනසීම ලැබෙත්වා..!