Asirimath Vesak Celebration 2018

May 1, 2018

නමෝ බුද්ධාය!

අප බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සමරන වෙසක් පුන් පොහොය මෙවර 2018/04/29 දිනට යෙදී තිබිණ. ඒ නිමිතිකොට තුන්ලොව ජයගත් ඒ භාග්‍යවතුන් වහන්සේ ආමිස ප්‍රතිපත්ති පුජාවෙන් පුදනු වස් සිඩ්නි මහමෙව්නාව අසපුව මගින් සංවිධානය කරන ලද අසිරිමත් වෙසක් සදහම් මංගල්‍යය අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි.උදෑසන කිරිපිඬු පුජාව, සීල-භාවනා වැඩසටහන,සිරි ගෞතම බෝධි වන්දනාව,සතිපට්ඨාන සුත්‍ර සජ්ඣායනාව,මහා දන්සැල්,විසිතුරු පහන් කූඩු සහිත ආලෝක පුජාවන්, බෝධි වරුණ විදහා දැක්වුණ දර්ශනීය තොරණ ආදී නේක පුජාවන්ගෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ පුද දී රැස්කල සියලු පින් මේ පිංකමට ධනයෙන් ශ්‍රමයෙන් දායකවූ සැමටත් දැක බලා අසා සතුටුවූ සැමටත් අනුමෝදන් වෙත්වා! සියලු දෙනාට තිසරණයේ අනන්ත ගුණබලයෙන් සියලු යහපත සැලසේවා!